කුමුදුනිය මමයි ඔබේkumudhuniya mamayi obee

Kumuduniya Mamai

Music:
රංග දසනායකranga dhasanaayaka
Lyrics:
කසුන් ගුණතිලකkasun gunathilaka

Lyrics

කුමුදුනිය මමයි ඔබේ පිපුණු හද විලේ
කුමුදු මල ඔබේ නැගුණු සඳ ඔබයි 
අඳුරු විජිතයේ සඳ එළිය වගේ
සඳ කුමරු මගේ.....

අඳුර මැද සැරූ ඔහේ ළපටි හිත මගේ
එළිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ 
මුළු ලොකේම මගේදැයි මට දැනුණු සඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ දිනේ
සඳ එළිය වගේ ලැබුණු ඔබේ සෙනේ......

මිහිර බෙදූ ස්නේහයේ සුවඳ ඉතිරුණේ
සිටින විටදී ඔබ ළඟින් සිත නිවී සරේ
දිවි දෙවැනි වෙයි ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි හිතින් පතමින් ඔබේ සෙනේ
සඳ කුමරු මගේ සොඳුරු විජිතයේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.