කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ kula gedharin dhumbara kandu waetiyee

Kula Gedarin Dumbara Kandu Wetiye

Music:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ 
පති කුලයට අද 
කැන්දන් එනවා දුම්බර මැණිකේ 
මනු කුල සිරිතට පති කුලයට අද 
කැන්දන් එනවා දුම්බර මැණිකේ//

වන ලන්දෙ හැංගුණු මූණ පොඩ්ඩක් කෝල වෙයි 
ගම් මණ්ඩියේ
ගහ වැල් පිපී සුවඳින් පිරී අද පෙම් කෙළි 
වැව් කණ්ඩියේ//

වාසනාවන් හරි වාසනාවන්////

කුල ගෙදරින්...

දඹ රත්තරං හැඩ දා සොඳින් කළ 
රූපයක් ඇඹුමක් වගෙයි 
ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත 
ආකහේ තරුවක් වගෙයි//

වාසනාවන් හරි වාසනාවන්////

කුල ගෙදරින්...//
වාසනාවන් හරි වාසනාවන්////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.