ක්‍රිෂ්ණා පෑ ආදරේkrishnaa pae aadharee

Krishna Paa Adare

Music:
කසුන් මධුශංකkasun madhhushanka
Lyrics:
සිඩ්නි චන්ද්‍රසේකරsidni chandhraseekara

Lyrics

(ක්‍රිෂ්ණා පෑ ආදරේ වගෙයි...//)
ආදරේ දැනෙනා මානේ ජීවිතේ සතුට බෝ සේ දැනේ
ආදරේ තුලින් ලෝකේ නෑ කිසිත් වේදනා සන්තාපේ
හරින්න දෙනුවන් බලන්න හැම දිහා 
අසන්න දසතින් නැගෙන හඬ යොමා
සිතන්න හැකි නම් සිතන්න මෙත් වඩා
සලන්න සිනහා කියන්න ආදරේ.....

(ක්‍රිෂ්ණා පෑ ආදරේ වගෙයි...//)
ආදරේ දැනෙනා මානේ ජීවිතේ සතුට බෝ සේ දැනේ
ආදරේ තුලින් ලෝකේ නෑ කිසිත් වේදනා සන්තාපේ
සියුමැලි දරුවන් ලබන්නේ ආදරේ
තනි වූ හදවත් සොයන්නේ ආදරේ
මනසින් පවන් පතන්නේ ආදරේ
සදන්න සිනහා කියන්න ආදරේ
(ක්‍රිෂ්ණා පෑ ආදරේ වගෙයි...//)

ක්‍රෝධමාන සිත්සම් නිවාලන්න 
දෙවියන් මවා දුන්නේ ආදරයයි
ඊර්ෂ්‍යමාන සිත්සම් නිවාලන්න 
දෙවියන් දුන්නේ ආදරයයි
හරින්න දෙනුවන් බලන්න හැම දිහා 
අසන්න දසතින් නැගෙන හඬ යොමා
සිතන්න හැකි නම් සිතන්න මෙත් වඩා
සලන්න සිනහා කියන්න ආදරේ.....



 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.