කොයි තරම් දෙනුවන්koyi tharam dhenuwan

Koyi Tharam Denuwan

Lyrics

කොයි තරම් දෙනුවන් අයා සිටියද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා කවදාක හෝ සොයලා
ජීවිතේ ලැබුනා වගේ දුටුවාම මා ඔබගේ දිහා

මා ජීවත් වුනේ ඔබේ සෙනෙහෙන් නිසා
එපා දුරින් රැදෙන්න කිසිදා
පාළුවක් මට නොදෙන්න
ආදරෙන් මගෙ ළඟ ඉන්න

කොයි තරම් දෙනුවන් අයා සිටියද මා පෙරදා
ආචරෙන් ඔබ එයි කියා කවදාක හෝ සොයලා

නොඑයි සංසාරයේ මගේ දිවියේ පුරා
සදා පුරා සඳක් ලෙස පායා
මා ළගින් ඔබ හිනැහෙන්න
දෑස මෙන් මා රැකගන්න

කොයි තරම් ........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.