Lyrics
කොවුලා වගේ ........
කොවුලා වගේ ලව් සිංදුම කියපු එකා මං
වවුලා වගේ රැ තිස්සේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං//
පවුල බනී ලේට් වුනොත් ගිහිං එන්නද මං//
මුට්ටිය ඉවර කෙරුවෙ ගහ මුලදිම මං
බෝතලේ ඇරපු ගමන් චියර් කෙරුවෙ මං
රෑ දාවල් ගත වුනාට සැලකුවේ නැහැ මං
දැන් මචං එහෙම බැහැනෙ පවුල් වෙලා මං//
කොවුලා වගේ ......../
ජොබ් එක සංස්ථාවේ ඩෝන්ට් කෙයාර් මං
නිවාඩු නැත්නම් මෙඩිකල් දාපු එකා මං
ඕවර් ටයිම් කිසිම දාක කරලම නැහැ මං
දැන් මචං එහෙම බැහැනෙ පවුල් වෙලා මං//
කොවුලා වගේ ......../
නියින් තර්ටි ෂෝ එකම බලපු එකා මං
ලයින් එකේ තැනක් තියන් හිටපු එකා මං
සීන් එකේ කොහෙ බැලුවත් පෙනුන එකා මං
දැන් මචං එහෙම බැහැනෙ පවුල් වෙලා මං//
කොවුලා වගේ ......../