කොටු වැටිච්ච පුංචි සරමkotu waetichcha punchi sarama

Kotu Watichcha Punchi Sarama

Lyrics

කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා//

සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් හදයි 
ඒවා කඩා පෙරළලා දමා දුවයි 
සීනි බෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි 
වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි...

පාසැල් ගොසින් බෑගයක් අතින් අරන් 
ගල් කුරයක් අරන් ඇවිත් ළඟින් ඉඳන් 
පුංචිකමට පුංචි ගීත කියයි ආදරෙන් 
නටයි සන්තොසින් මල්ලියා රත්තරන්...  

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.