Lyrics
කොතෙක් කීවද
කුමක් කීව ද
එයම කරනා කුමරියේ
කුමක් සිතුව ද
කුමක් පැතුව ද මන්ද තැවුලක් සිදුවුණේ
මගේම වෙන්නට පැතුම් පැතුවට
පාරමී නොපුරන ලදේ
මගේ ලෝකයේ සිනහ මල් කැන්
පබුදුවා ඇයි සුන් කළේ
අඳුර හිමි මය තිමිර පට හැම
ඉරා ලන්නට ආ නුඹේ
සිනහා විසිරෙයි සසල වෙයි සිත
මගේ නොවෙයි නුඹ මා නුඹේ