කොතැනක සිටියත් ඔබ මෙලොවේkothaenaka sitiyath oba melowee

Kothanaka Sitiyath Oba Melowe

Music:
මොහමඩ් සාලිmohamad saali
Lyrics:
චිත්‍රානන්ද අබේසේකරchithraanandha abeeseekara

Lyrics

චිත්‍රපටය: සැමියා බිරිඳගේ දෙවියාය (1964)

කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙනදී
දිඟුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ

(හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්‌සන මැවිලා...//)
සිහි කෙරුවත් පසුගිය දේ සිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ

කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ

(ඔබ එනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවකු සමඟින් ආවා...//)
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිදු ලිය ඔබ දිඟුකල් ජීවත් වෙන්නෙකෝ

කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ

(දැල්වූ පහන දැල්වෙන්නට හැරලා 
අඳුරු නිවස ආලෝකය කරලා...//)
ඔබෙ පෙම්බර සමියගේ පණ රැකලා 
ගුණවන්තිය ඔබ දිඟුකල් ජීවත් වෙන්නකෝ

කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙනදී
දිඟුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.