කොස්තාපල් (කොස්තාපල් පුඤ්ඤ්සෝම)kosthaapal (kosthaapal punnsooma)

Kosthapal (Kosthapal Punyasoma)

Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

ඉඳලා හිටලා දුන්නත් අතටම සිතාසිය
දුක හිතෙන් නැද්ද අව්වේ කට්ට කන විලාසය
උඩින් යටින් දෙපැත්තෙන්ම තැලෙන උදවිය
(දුකට සැපට ඔබට ඉන්න ඔබේ පොලීසිය.....//)

හොර හතුරන් කල් බල බල එවන පතොරම
පපුව මැදින් යනතුරු කරයි ඉටුකම
කසිලි පිසිලි කැපිලි කෙටිලි හදයි තිතටම
නිවාඩු නෑ හෝද ගන්න කාකි කලිසම 
අනේ නිවාඩු නෑ හෝද ගන්න කාකි කලිසම.....

කොතරම් තිබුණත් අප හට පොලිස් බලතල
කිසි ලෙසටත් ගන්නේ නෑ අනිසි විලසක
දූෂණ භීෂණ වංචා කරන උදවිය
(අල්ලගත්තා නොසිතා ඒ අයගේ පදවිය.....//)

විසි හතර පැයම කාකි කෝට් එකට රිංගලා
මානව හිමිකම් යුතුකම් වලට කැප වෙලා
බිත්තර බොත්තම් හින්දම හුස්ම හිර වෙලා
(දඩ කොළ ලියලම අත් වල ඇඟිලි කළු වෙලා.....//)

ඉඳලා හිටලා......
(දුකට සැපට ඔබට ඉන්න ඔබේ පොලීසිය.....///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.