කෝපි මල් සිනා සිරිවත පා නඟා වඩාkoopi mal sinaa siriwatha paa nangaa wadaa

Kopi Mal Sina Siriwatha Pa Naga Wada

Lyrics

කෝපි මල් සිනා සිරිවත පා නඟා වඩා පත පොත
ලා උදේ ඇදෙන සිරිකත වාසනාවියේ
සාර සිප් සොයා ඇදෙනා බාලිකාවියේ //

මල් පිපිලා සුවඳ සුවඳ ඒ මල් මත රඟන බඹර
කාගේ වත්තෙ මල් කුමකද බාලිකාවියේ
සමනල් කැල අඟර දඟර පා මල් මත කරන දබර
ධ්‍යානයෙන් මුදයි නුඹෙ සිත ශිල්ප ඥානයේ

කෝපි මල් සිනා ....

නැණ දිරියෙන් ඉගිල ඉපිල පරතෙර තෙක් ඇඳෙනු මිසක
ප්‍රේම සප්ත සඳු නොපතන් තාරකාවියේ
හොද රොන් පිරි සුමුදු සලෙල
ස්නේහවන්ත සුවඳ පොකුර
ලොවට පිපුණු පැතුම නුඹයි බාලිකාවියේ

කෝපි මල් සිනා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.