කොණ්ඩ කුරුල්ලටkonda kurullata

Konda Kurullata

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha

Lyrics

(කොණ්ඩ කුරුල්ලට එන්ඩ කියාපිය... 
කොණ්ඩ කිරිල්ලී ලෙඩින් කියාපිය...///)

උස් පුටුවක් පිට ඉන්ඩ කියාපිය 
මල් පස් වගයක් ගන්ඩ කියාපිය 
(කට්ට කුමංජල් පිණිදිය දීපිය 
නූල් පොටක් මතුරන්ඩ කියාපිය....//)

කොණ්ඩ කුරුල්ලට.....///

යකැදුරු අයියට එන්ඩ කියාපිය
තෙල් ඩිංගක් මතුරන්ඩ කියාපිය
(පණ යනතුරු ළඟ ඉන්ඩ කියාපිය
ඉඩං කඩං ටික ගන්ඩ කියාපිය....//)

කොණ්ඩ කුරුල්ලට.....///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.