Lyrics
කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප් රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද
කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා ....//
කොණ්ඩ කිරිල්ලියේ
රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා
පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා
පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා
රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා
කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප් රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද
කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා
කොණ්ඩ කිරිල්ලියේ
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා
ඔය ලෙන්ගතුකම බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔය ලෙන්ගතුකම බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා
කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප් රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද
කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා
කොණ්ඩ කිරිල්ලියේ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ