කෝම් පිට්ටු ඉදියන්koom pittu idhiyan

Kom Pittu Idiyan

Lyrics

කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් //
පුංචි පුතුට කන්නට දැන් කෝම් පිට්ටු ඉදියන්
මතකයි බාලේ මා නැලවුනු තාලේ
මගේ පුතුන් මා පෙර මෙන් නැලවුනු ඒ තාලේ
කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් //

අම්මි පුතුට ආදරෙයි තාත්ති පුතුට ආදරෙයි
ආදරයේ නාමයෙන් කෝම් පිට්ටු ඉදියන්
මතකයි බාලේ මා නැලවුනු  තාලේ
මගේ පුතුන් මා පෙර නැලවුනු ඒ තාලේ
කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් //

කෝම් පිට්ටු කන විලසින් තොල් පෙති දෙක රහසේ
සොලවන සුදු පුතා හොඳයි සිපගන්නට සිතු සේ
මතකයි බාලේ මා නැලවුනු තාලේ
මගේ පුතුන් මා පෙර මෙන් නැලවුනු ඒ තාලේ

කෝම් පිට්ටු ඉදියන් ...........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.