Lyrics
කොලොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොලොම් තොටට ගොඩ බැස්සේ
අමනකමයි ඒ වෙනුවට…
බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුඹුහුටි කමට
නැවෙන් ඇවිත් කොළොම්තොටට ගොඩ බැස්සා අපූරුවට
අපෙ ඇත්තෝ බෝනික්කන් මිළදීගෙන කාසි වලට
කිරි දරු පැටවුන්ගෙන් නැව් පුරවන්නේ ඒ වෙනුවට…
කොලොම් තොටින් නැව්...
මව් තුරුලේ පිපෙන මලට ලංසු තියෙන නොමිනුසුන්ය
දුප්පතුනගෙ මල් නෙළමින් ඉසුරු සොයන බැතිමතුන්ය
කිරි දරුවන් විතරක් නොව මරුවෙලා කාසි වලට
කොළොම් තොටින් නැව් නැග්ගේ අපේ රටෙ මනුස්සකම…
කොලොම් තොටින් නැව්...