කොල්ලන් මුලා කරන්නkollan mulaa karanna

Kollan Mula Karanna

Music:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
Lyrics:
චතුර රත්නායකchathura rathnaayaka

Lyrics

චාටු දාන්න හාදු එවන්න 
හොඳට ඉන්න අපේ කොල්ලෝ වලේ දාන්න
ලයින් දාන්න බැරි නම් වයර් අදින්න 
නංගියෝ ඒවා හඳේ ගඟේ පනින්න
කොමල දාන්න ඕපේ හොයන්න
ළිඳ ළඟ සංගම් දාගෙන නිව්ස් කියන්න
කඩේ යවන්න කොල්ලන් යූස් කරන්න
එහෙනම් සොරිම තමයි සමාව දෙන්න...

කොල්ලන් මුලා කරන්න දැන් බෑ සෙල්ලම් නෑ තේරුම් ගන්න
කෙල්ලන් එපා දුවන්න මේ ටික නැවතිලා හරි අහගෙන ඉන්න....
මායම් එපා දාන්න සායම් දිය වෙයි ඇස් පිහදාගන්න
කෝලම් එපා නටන්න කෝලම් ගහන්නේ ඔය ගෑස් බහින්න....

බෝරිං අනේ මෙයා කියා මගේ අතේ සතේ
හිඟා කකා හිනා වෙවී කකා බිබී එදා ඉඳන්
පාගල් වූවා මටත් අනේ පනේ මගේ සුදා කියා
මමත් දුන්නේ අරන් අරවා මේවා බුරුතු පිටින්
පෝළිම් පැන්න තරම් ටිකට් ගන්න හෝල් වලින්
පිචර් එකක් එහේ ඉඳන් ආව ගමන් අළුත් පිටින්
ඕටි යන්න ටයිම් එකක් නැතිව බලන් ඉන්නේ
බොසා දුවා නටපු තරම් මමයි දන්නේ උදේ ඉඳන්...

කොල්ලන් මුලා...

ඩාලිං සුදූ ඔයා කලින් එන්න ෂොපිං යන්න
කිව්වා ඔයා ආව ගමන් විද්දා මගේ පර්ස් එකට
මට තව ෂූස් දෙකක් ගන්න ඕනේ අරන් දෙන්න
කිව්ව ගමන් අරන් ගියා ඩබල් එකේ ටවුන් එකට
ලව් යූ කියපු ගමන් ඔයා බලපු බැල්ම එහෙන් මෙහෙන්
ඇවිත් කැරකි කැරකී වැටුණේ උඩින් පොකට් එකට
නෝ සේවිං මට හොල්මං දැන් නම් මං නෝ ඔප්ෂන්
මටත් උඩින් ලෝන් වැටුණේ එකපාරම ලයිෆ් එකට....

චාටු දාන්න....

කොල්ලන් මුලා කරන්න...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.