කෝලම් දමාලාkoolam dhamaalaa

Kolam Damala

Music:
ජගත් කරුණාජීවjagath karunaajiiwa
Lyrics:
ජගත් කරුණාජීවjagath karunaajiiwa

Lyrics

කෝලම් දමාලා හංගන්නට
බෑ කොල්ලෝ ප්‍රේම කතා
ඔය හැටි ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ
උඹ මොකටද ඇඟිලි හපා

නෙළුම් මලේ පාටලමේ  තමයි තියෙන්නේ 
හොරෙන් හොරෙන් එබී එබී මොකද බලන්නේ
බෑ කොල්ලෝ ප්‍රේම කතා
ඔය හැටි ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ
උඹ මොකටද ඇඟිලි හපා

උදේ රැයේ කෝච්චියේ කොළොඹ දුවන්නේ 
ට්කට් මහත්තුරු දැක්කම පැනලා දුවන්නේ 
මාල හොරුන් මල් අරගෙන පස්සෙන් එන්නේ 
මමයි රජා වගේ තමයි ගමේ වසන්නේ 

කෝලම් දමාලා හංගන්නට... /
 
රෑට රෑට ජනේලයෙන් ගෙටත් එබෙන්නේ 
අප්පොච්චිගේ තුවක්කුවට පුදුම බයයිනේ 
ග්‍රීස් යකා වගේ තමයි ලෙස්සලා යන්නේ 
වැට පනිනුත් බැරි මිනිහට කොහෙද තියෙන්නේ

කෝලම් දමාලා හංගන්නට... /
නෙළුම් මලේ පාටලමේ  තමයි තියෙන්නේ... /

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.