කොහොදො තැනක හිටkohodho thaenaka hita

Kohedo Thanaka Hita

Lyrics

කොහොදො තැනක හිට ගුලිවී නිදන්නේ
කවුදෝ එතැන ඉඳගෙන අර බලන්නේ
උණුසුම් රැයේ සීතල ගත සැලෙන්නේ
පුරහඳ පෑව්වත් කළුවර දැනෙන්නේ

මහන්සියෙනි මුව හසරැලි නගන්නේ
කාන්සියට හඳ පෑරී අඩන්නේ
බොඳ වූ සිහින රෑ තුන්යම මැවෙන්නේ
කවුදෝ නිබඳ මට බොඳවී පෙනෙන්නේ

කොහොදෝ තැනක ....

සුවඳ දිදී මල් පූදින වෙලාවට
කාගෙදෝ තවත් සුවඳක් දැනේ මට
සිනා කවට තෙපුලෙන් පිරි සැදෑවට
දෙනෝදහක් මැද තනිකම දැනේ මට

කොහෙදෝ තැනක ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.