කොහේ සිට ඔබkohee sita oba

Kohe Sita Oba

Lyrics

කොහේ සිට ඔබ පැමිණියේදෝ..
සිහිනයේ.. රැදුන ඒ අප්සරා..
මගේ ඉරබටු තාරකා..
ඔබට ගැයෙනා නැවුම් කුළුදුල් ප්‍රේම ගීයයි මේ

දෙනෝදාහක් අවට සිටියද- තනිවෙලා වේදනා වින්දෙමි මම්
නුවන් දහසක් අවට දුටුවද- දෙනෙත නලවන නෙතක් නුදුටෙමි මම්
කොහේ සිට ඔබ ...පැමිණියේ දෝ..

පාලු ගනදුරු රුදුරු රෑ මැද- නෙත වසා ආදරේ පැතුවෙමි මම්
මගේ සුසුමන් දැනෙන තරමට- ඔබට ලං වී කෙදින හිදිමිද මම්
කොහේ සිට ඔබ...පැමිණියේ දෝ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.