Lyrics
කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි - මගේ සතුටයි
වලා ගැඹරෙහි සැඟවගෙිය සඳසේ
ලිහී දෙනෙතින් නුහුරු දුරු සියසේ
ගියද ඔබගේ එළිය නොනිවේ මැයි
පහස නොමැකේමැයි
වනේ වදුලෙහි ගලන දිය වැලසේ
නුවන් දෝතින් වැළදගමි කෙලෙසේ
නමුදු ඔබගේ සිසිල නොනැසේ මැයි
සුවඳ නොසිදේමැයි