කොහේ හෝkohee hoo

Kohe Ho

Lyrics

කොහේ හෝ දැන් හිදිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමි වී මට මං
ලැබූ දිනුමක් අත්ද ඔබ මා
මැවූ සුන්දර සිහින මතකය මිසක්..

සිහින රැකගෙන දිවආවේ ආදරෙන්
ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්
අපට අප නැති හෙට දිනක දුක අරන්
හඬා කුමටද නොදරුවන් සේ ඉතින්..

කොහේ හෝ...//

සුසුම්ලන ලොව දැක තැවුල් පිරි හදින්
සුසුම් ලන්නද අප ගැනම කොයි ලෙසින්
සුභ අසුභපිරි සිහින විද තුන් සිතින්
සදා හමුවෙමු මගතොටේ මදහසින්..

කොහේ හෝ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.