කොහේ හරි හොඳින්kohee hari hondin

Kohe Hari Hodin

Music:
එරන්ද ප්‍රභාත්erandha prabhaath
Lyrics:
එරන්ද ප්‍රභාත්erandha prabhaath

Lyrics

තිබුණා නම් ආදරය මට පණ වගේ 
කවදාවත් නෑ යන්නේ හැරදා මෙසේ
හිතුවා නම් අපි ගැනම මේ ජීවිතේ
වෙන් වී ඔයා යන්නේ නෑ මේ වගේ....

මං හිතනවා කොහේ හරි හොඳින් 
සතුටින් ඔයා ඉන්නවා ඇති කියා
හිත දන්නවා කොහේ හරි හොඳින්
සතුටින් ඔයා ඉන්නවා කියා......

අහසක් තරම් ආදරේ මගේ හිතේ
බිඳුවක් ඔබේ හදවතේ නෑ සෙනේ
දැනුණද මගේ ආදරේ ඇති අගේ
ඒ කාලයේ සතුට දැන් නෑ හදේ......

මං හිතනවා.....

පෙර භවයෙදිත් මෙහෙම වෙන් වෙන්නැති
දුකමයි කියා මාව හැරයන්නැති
කවදා හෝ ආදරය තේරෙයි යළි
මියැදෙන්න පෙර දවසක හමුවෙමු යළි.....

මං හිතනවා.....
තිබුණා නම් ආදරය.....
මං හිතනවා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.