කෝඩුකාර මගේ හිතට ආල හැඟුම් ගෙනාkoodukaara magee hithata aala haengum genaa

Kodukara Mage Hithata Aala Hagum Gena

Lyrics

කෝඩුකාර මගේ හිතට ආල හැඟුම් ගෙනා
ශ්වේත පියුම් වගේ දිලුන කෝල නුඹේ සිනා
දෑස ලඟම තියා ගන්න මේ දිවි ඇති තුරා
පාරමිතා පුරනවා මං හැම මොහොතක් පුරා //

කොලොම්පුරේ නැති ලස්සන මිණිපුර සතු වෙලා
කඩා වැටෙන මීදුම් හා මුමුණයි තුරුලතා
අහන්නැතුව මම හිටියේ තරහ වේවි කියා //

දෙනෝදහක් අතර හිටිය මට සොඳුරුම කෙනා
බලා උන්නෙ දිය ඇල්ලට වැඩිය නුඹේ දිහා
එදා කිසිත් නොදොඩා නුඹ ගියද වහන් වෙලා
මිණිපුර මං එනවාමයි ආයේ නුඹව සොයා //

කෝඩුකාර මගේ හිතට ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.