කොදෙවු රටේkodhewu ratee

Kodeu Rate

Lyrics:
මදුරංග විජේසේකරmadhuranga wijeeseekara

Lyrics

කොදෙවු රටේ පොල් ගස්වල කරටි කඩන්න
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පන්නන්න
ඉන්දියාවෙ කදුවල හිම දියකරවන්න
කැන්ගරුන්ට එන්න කියමු බජිරි කවන්න

එන්න රොත්ත පිටින් චට්නි හදන් එන්න
ටොනික් කඩන් වඩේ හපන් එන්න                             
බෙර සද්දෙට කන් වහගෙන එන්න
සිංහ පැටවු රග දෙනවා මෙන්න

එන්න එන්න එන්න එන්න ඒන්න
එන්න එන්න එන්න එන්න ඒන්න
ඒන්න

එංගලන්තේ මාලිගාවේ උලු හෙල්ලෙන්න
හයේ ඒවා වදිනව දැන් බඩු පෙරලෙන්න
කුඩාරම් අරන් වරෙන් වටේ බදින්න
එලිවෙනකම් බෝල වලට මැහුන් දාන්න

එන්න රොත්ත පිටින් චට්නි හදන් එන්න
ස්මාර්ට් වෙලා වඩේ හපන් එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
අත උස්සල උපහාරය දෙන්න

එන්න කුරද පොජ්ජ කනෙන් ඇදං එන්න
උම්මලකඩ වඩක ගොට්ටෙ දමං කන්න
පොල් ගස්වල කරටි කඩමු එන්න

එන්න එන්න එන්න එන්න ඒන්න
එන්න එන්න එන්න එන්න ඒන්න

හවු ඉස් දැට් කියලා ඇයිද බෙරිහන් දෙන්නේ
දකුනු කනෙන් ඇවිත් ඕවා වමෙන් හැලෙන්නේ
ගල් ඉනිතුන තිබ්බ වගේ විකට් තියෙන්නේ
පොලු ගැලවුන කාලය නෑ මතකෙට එන්නේ

වාගා
වාග වාග වාග මචා වාගා
කරකොචම් සෙයිය සේද වාග
වාග වාග වාග මචා වාගා
ජය ගෝසම් සෙයිය සේදු වාග

එන්න එන්න එන්න එන්න ඒන්න
වන් ටු ත්‍රී දුවගෙන එන්න
එන්න එන්න එන්න එන්න ඒන්න
එන්නකෝ

රන් රේට් එක බැහැල යද්දි ඇනේ ගහන්නේ
දිව්‍ය ලෝකෙ ටීවී වටේ දෙවියෝ පිරෙන්නේ
අපේ රටේ දිනුම පතා හුරේ කියන්නේ
තවුතිසාවෙ ජනෙල් වලට බෝල වදින්නේ

එන්න රොත්ත පිටින් චට්නි හදන් එන්න
ටොනික් කඩන් වඩේ හපන් එන්න                             
බෙර සද්දෙට කන් වහගෙන එන්න
සිංහ පැටවු රඟ දෙනවා මෙන්න

එන්න එන්න එන්න එන්න ඒන්න
එන්න එන්න එන්න එන්න ඒන්න
එන්න එන්න එන්න එන්න ඒන්න
බෝල වලට මැහුං දාමු එන්න

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.