කොච්චි කරලkochchi karala

Kochchi Karala

Music:
නයන කරුණානායකnayana karunaanaayaka
Lyrics:
ධනුෂ්ක කාංචන ජයවීරdhhanushka kaanchana jayawiira

Lyrics

කොච්චි කරල වගේ ඉන්න හිච්චි හිච්චි නගේ
පිච්චි පිච්චි ගිනි ගන්නවා පෙම් හදවත මගේ
ආදරේ දුන්නොතින් සත්තයි හිත පිරෙන්න මගේ

බුදලේම නුබට දෙනවා මෙහට වරෙන් පනේ

කුක්කා ලිහා එව්වත් මම ගනන් ගනනේ නෑ...
මම දන්නවා උඹේ කුක්කා මා හපන්නෙ නෑ...
අල්ල ගත්ත ඔය අත් දෙක අත හරින්නේ නෑ.

හේන් රකින කොට සත්තයි ඔබ සිහිවෙනවා...
පාන්දරට පාන් කද්දි ඔබ සිහිවෙනවා.
හීන් කෙඳිරියක් එතකොට හිතේ නැගෙනවා...
මේං අහ ගනින් දුන්නොත් හෙටම බඳිනවා...

නුඹ ගැන සිත සිත කුඹුරේ වල් ගලවන්නේ...
නුඹ විතරයි නංගියෙ මගේ හිත හොල්ලන්නේ
හඳ නෑ හැට නුඹයි පැලැස් තර අලවන්නේ...
මගේ රන් කඳ ඇයි බැන බැන මං එලවන්නේ...

කොච්චි කරල වගේ ඉන්න හිච්චි හිච්චි නගේ...
පොඩ්ඩ පොඩ්ඩ ගිනි ගන්නවා පෙම් හදවත මගේ .
ආදරේ දුන්නොතින් සත්තයි හිත පිරෙන්න මගේ .
බුදලේම නුබට දෙනවා මෙහට වරෙන් පනේ.

කුක්කා ලිහා එව්වත් මම ගනන් ගනනේ නෑ...
මම දන්නවා උඹේ කුක්කා මා හපන්නෙ නෑ...
අල්ල ගත්ත ඔය අත් දෙක අත හරින්නේ නෑ.
අල්ල ගත්ත ඔය අත් දෙක අත හරින්නේ නෑ.
අල්ල ගත්ත ඔය අත් දෙක අත හරින්නේ නෑ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.