කෝ මගේ ආදරේkoo magee aadharee

Ko Mage Adare

Music:
නිහාල් ගම්හේවාnihaal gamheewaa
Lyrics:
නිහාල් ගම්හේවාnihaal gamheewaa

Lyrics

(කෝ මගේ ආදරේ).....//
සිහිනෙකි මට පිටුපෑව ඔබගේ සිතුම්
නෑ මගේ ආදරේ සෙනෙහස මගෙ 
වැරදී ලෙසින් ඔබ සිතූ.......

බලාපොරොත්තුව ඇතිව මෙසේ 
ඔබ මා ළඟ නිරතුරු උන්නා
සිතිවිලි අතරට සිර වීලා
ඔබ තනිවම මා ගැන සිතලා
ඔබගෙන් මිදිලා යනු බෑ වෙන් වෙලා
නොලැබෙන දේකට ඔබ සිත රවටා.......

කෝ මගේ ආදරේ
සිහිනෙකි මට පිටුපෑව ඔබගේ සිතුම්
නෑ මගේ ආදරේ සෙනෙහස මගෙ 
වැරදී ලෙසින් ඔබ සිතූ.......

ළංවුණු තරමට කොහොමද මා
යෙහෙළියකට සේ අමතන්නේ
නෑ වරදක් කර නැති බව නම් 
සිතට දැනෙන ලෙසමයි කීවේ
ආයේ කවදා හමුවන්නද මා
සිත රිදවන තරමට ඔබ වැරදී.......

(කෝ මගේ ආදරේ).....//
සිහිනෙකි මට පිටු පෑව ඔබගේ සිතුම්
නෑ මගේ ආදරේ සෙනෙහස මගෙ 
වැරදී ලෙසින් ඔබ සිතූ

(සිහිනෙකි මට පිටු පෑව ඔබගේ සිතුම්
සෙනෙහස මගෙ වැරදී ලෙසින් ඔබ සිතූ)...//
සිහිනෙකි මට පිටු පෑව ඔබගේ සිතුම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.