Lyrics

කේතුමතියේ// අපිත් ඉන්නේ//
කරපු හැම පින් එකට පල දීලා
රජුන් වැන්නේ තෙදින් ඉන්නේ
ශෝක පීඩා සිතේ නැති වීලා...

සුපිරි රථයේ යන්නේ එන්නේ
මගෙ මැදුරේ ඇසෙයි ගීත මේලා
තුටින් කන්නෙ තුටින් බොන්නේ
අම්මා දරුවො කියා එක් වීලා...

මග තොට නැත පුලනෝ
යතිවරයෝ දොරින් දොර පාසා
පුරවරයේ සඳළුතල මත්තේ
සුර අඟනො නටයි මත් වීලා...

එනු මිතුරේ මේ වාගේ
අපි ඉඳිමු තුටින් මත් වීලා
නෑ ශෝකේ එන වාරේ
අපි වෙනුවෙන් ලොවක් ඇත මැවිලා
සැපය ලබලා මැරෙමු ජීවය විඳලා...

රටින් එන්නේ කන්නෙ බොන්නේ
උන් යන්නෙ ඩොලර් වැහි හෙලලා
සිතිජ රේඛා පෙනෙන් නැත්තේ
නැව් පෝලිම් තිබේ සැපය පුරවා...

රජුන් ඉන්නේ තෙරුන් වැන්නේ
සශ්රී කයි දුගී පවුරු බිඳලා
කවුද එන්නේ මෙන්න ගන්නේ
රස්සාවල් තිබේ ගොඩගැහිලා...

දොරකඩ අධිවේගේ
ඉහටත් උඩින් යයි යානා
සියොතුන් වැටෙයි හිටි හැටියේ
පාවෙන ඩොලර් ඇඟ වැදිලා

I want to die for my loving people
I want to die for my mother land
This historical mother lank
I will take a bullet for you
my brothers and sisters
no doubt no doubt
I'm the one for you
I will protect you all
Die for you...

නිල මැස්සෝ මලේ රොන් ගන්නේ
ගිරි මුදුනේ නෙළුම් මල් පීරා
ඉබ්බන් පියාඹති අඹරේ
පිල් විදහා නටයි කළු කපුටා...

මාළුන් දුවයි ගොඩබිමේ
මැදියම් රැයේ ඉර දැකලා
ඌරන් නායි බැස ගඟුලේ
පෙර වැද්දන් දෙසූ දහම අසලා
සබන් ගාල ඇඟම උලලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.