කෝ එන්න (හෝ එන්න)koo enna (hoo enna)

Ko Enna (Ho Enna)

Lyrics

හෝ එන්න හෝ එන්න 
හීත දියේ බැස නාගෙන මේ අරුමැද්දදේ
පුළුලුකුලට ඇලවුණු දිය රෙද්ද වගේ 
තෙත කොණ්ඩය බිම ගෑවේ නුඹේ හැඩට හැඩේ
මානවිකා කිමන ශ්‍රියා නාන නනේ....

හැංගී හැංගී බැන්දු මාල පොටක් මුතු ඇමුණු
නිල් වරලස හැඩගැන්නූ පිච්ච මලෙන් මල රැන්දු
දුහුල් සේල ගත දැවටූ පාද සලඹ හඬ නැංවූ
නාරි ශ්‍රියා මන බැන්දු මට හිමිවේවිදෝ ලන්දු
කෝ එන්න කෝ එන්න.....

කෝ එන්න කෝ එන්න
ප්‍රිති වී ගායා නටා....

නෑසුනා නුඹේ ගායනා පාළුවේ මා තනිවුණා
දෑස් අතරෙන් බොඳ වුණා සරාගී දෙනුවන් සදා
ඇසුවන් මන පිනවන ගී නද ගයන අගේ
දුටුවන් මන බන්දන රූ සිරි පිරි වරුණේ
තනිකඩ මට මොට මේ සරදම් ළමිස්සියේ
නුඹ කීවට මං කොහොමද එන්නේ නගේ......

කෝ එන්න කෝ එන්න
ප්‍රිති වී ගායා නටා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.