Lyrics
කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ...
කියන්න කියන්න
ඇති සැමදේ රිසි සේ...
හද පුරා ආදරේ ඔබටයි ඉඩ හදවතේ
දිස්වේ මුතුවන සිනා
දෙනුවන් යුග ළඟ මගේ
මන් මත් සිත පුරා කැළබෙයි වේදනා හැඟුම්
නොදැනී ඒ ඇසීල්ලේ
කියවේ ඔබේ නම හොරෙන්
කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ...
කියන්න කියන්න
ඇති සැමදේ රිසි සේ...
නිදිවරා ජීවිතේ මා ගෙතු ගීතයේ
දැවටෙයි ඔබ කී වදන්
දෙසවන් යුග ළඟ මගේ
සුදුවන් පිටු පුරා බිහිවෙයි ගී ඔබේ නමින්
නොසිතා ඒ පිටු කොනේ
ලියවෙයි ඔබෙ නම හොරෙන්