Lyrics
කියන්න දේවල් කොච්චර තිබුණත් කියාගන්න බැරිව
තවමත් සිත දුක් විඳිනවා රහසේ අපේ මතක සුවඳ
හදාගන්න හිත කොච්චර හැදුවත් හදාගන්න බැරුව
මම අසරණ වෙනවා ඔය ලස්සන ඇස් දෙක දුටුවාම.......
අතීතයේ අපි ඇවිදන් ගිය තැන් මතකෙට ආවම
පුංචි ඇස් වලට කඳුළු පිරෙනවා බෑ තව උහුලන්න
ආදරෙයි කියා ළඟට වෙලා මටත් හොරෙන් සිටියා
යන්නට ඔය හිත හදාගත්තු හැටි අද මට කියනවාද
අද මට කියනවාද........
කියන්න දේවල්.......
සිහිනෙන් ඇවිදින් මගේ ළඟට වී දැවටී උන්නාම
ආදරෙයි කියා තවත් කියනවා මට රහසින් තවම
පුංචිම දේටත් කඳුළු පිරෙනවා තරහින් බැලුවාම
තවමත් හිත ආදරෙයි කියනවා ඔය පොඩි ඇස් වලට
ඔය පොඩි ඇස් වලට.......
කියන්න දේවල්.......