Lyrics
කියන්න බැරි දේ ලියා එවන්නම්
කියවා හඬනු එපා
සිත තුල සිරවී සිඳලනු නොහැකී
ආදර හැඟුමන් ලියා එවන්නම්
කියවා හඬනු එපා
(නැත මා වරදක් ඔබ හට කෙරුවේ
මෙතුවක් කල් මා නිහඩව සිටියේ)..//
මා නිවැරදි බව ඔබ දැනගනී කියා
ඔබ යලි ඒවි කියා
(නොසිතූ අයුරින් නොපැතූ විලසින්
ඔබ වෙනකෙකු හා අතගත් පුවතින්)..//
හැඬවේ තවමත් සිත ඔබ මගේ කියා
හිමි නැති පැතුම සදා
කියන්න බැරි දේ .....