කියා ගන්න බැරි වූ ප්‍රේමේkiyaa ganna baeri wuu preemee

Kiya Ganna Bari Wu Preme

Music:
ශෙනාල් එම් ටී කේshenaal em tii kee
Lyrics:
මුර්ෂාද් හුවායිස් (මූරා)murshaadh huwaayis (muuraa)

Lyrics

කියා ගන්න බැරි වූ ප්‍රේමේ
ලබන මාසේ බඳිනවාලු
එයා දුන්නු invitation
දැකලා නෙතඟේ පිරෙන කඳුළු
හෝ ගාලා ගලනවානේ 
tap එක ඇරියා වගේ...
නවත්ත ගන්න බෑනේ 
දෝරෙ ගලා බහින ආලේ...

සුන්දරයි රෝස කැලෙන් ඇහින්දැයි
දෛවේ කින්ඩියයි මේ කෙල්ල මගෙ නොවෙයි
ශෝකයයි ඒකපාර්ශවීයයි
කඳුලේදීත් සැපයි ප්‍රේමේ උත්තරීතරයි.....

සන්තෝසයි උත්කෘෂ්ටයි ප්‍රේමේ පුදුමාකාරයි
විටෙක ගෝලාකාරයි......

බදාගත්ත කොට්ටේ දන්නෙ
නිදාගන්න කාපු කට්ට මාගේ
නෙලාගන්න බැරි වූ කුසුමේ
පෝච්චිය පිටින්ම එහා වත්තේ
කලට වතුර ලැබෙනවාදෝ
නඩත්තු කරනවදෝ
නටුව නොවෙයි මල කියා 
මුරුංගා අත්තේ තියනවාදෝ...

සුන්දරයි රෝස කැලෙන්.....

ඔබ ඇමතූ ග්‍රාහකයා කාර්ය බහුල වෙලා
මේ ලෝකෙ සියලු ග්‍රහයෝ කතාවෙලා නීච වෙලා
පෙම නිසා වෙයි කුජීත ඒ පෙම පූජනීය
මෙය ලෝක ස්වභාවය 
නොලැබෙන දේ පස්සෙන් යන.....

යාළුවෝ කියනවා ...
මචං මුහුදෙ මාලුවෝ ගොඩයි නේ
ඒ වුනාට මුහුදේ දිය කිදුරියෝ ස්වල්පයයිනේ
අයියෝ මයියෝ මූ හදන්න බෑ නේ මූ
අයියෝ මයියෝ මූ මුරන්ඩු ප්‍රේමයලූ....

කියා ගන්න බැරි වූ.....

සුන්දරයි රෝස කැලෙන්.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.