කිවුවේම නෑ කාටවත් මේ නඩුkiwuweema nae kaatawath mee nadu

බුදු සරණ වේවා - Kiuwema Na Katawath - Budusarana

Lyrics

කිවුවේම නෑ කාටවත් මේ නඩු
බුදු සරණ වේවා නවතින්නම් සුදු

ඉල්ලුවට ආයේ සමාවක් මගෙන්
දෙන්නට කැමත්තක් ම නෑ මේ හිතින් 
සැරයක් දෙකක් ඉවසුවත් ආදරෙන් 
ඔබ එක්ක මං ඉන්නේ කොහොමද සැකෙන්...
ගුණ ගායනා මොකට මලදාකට
මට එන්න බෑ නේද ඔබ ගාවට....//

පෙර වැරදි දැන දැනම මම පෙම් කලා
අලුතින්ම හෙට දවස සැලසුම් කලා
ඇස් ඉදිරිපිට බොරුව රජකම් කලා
මට දුන්න දිවුරුම් ඔයා කඩ කලා..//
ගුණ ගායනා මොකට මලදාකට
මට එන්න බෑ නේද ඔබ ගාවට...//

කෙරුවාට ඔබේ ආදරේ ඇස් රතු
විපතක් පතන් නෑ මන් ජාතිත් මතු
කිවුවේම නෑ කාටවත් මේ නඩු
බුදු සරණ වේවා  නවතින්නම් සුදු..//

ඉල්ලුවට ආයේ සමාවක් මගෙන්
දෙන්නට කැමත්තක් ම නැ මේ හිතින් ....
සැරයක් දෙකක් ඉවසුවත් ආදරෙන් 
ඔබ එක්ක මං ඉන්නේ කොහොමද සැකෙන්...
කිවුවේම නෑ කාටවත් මේ නඩු
බුදු සරණ වේවා  නවතින්නම් සුදු..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.