Lyrics
කිසිවක් කියන්නේ නෑ මා පෙර දා මෙන්
අපෙ ආදරේ ඔබගෙන් ගිලිහීලා දැන්
ඔබ මා පිළිගන්නෙ නෑ ඔබ දැන් වෙනස්
මේ ආදරේ වටිනාකමක් නැතිනම්
යනවා නම් ඔබ යන්න මාගේ මතකය රැගෙන
එනවා නම් ඔබ එන්න මාගේ මතකය රැගෙන...//
මතකයි ද ඔබට අප හමු වූ පෙර දිනයේ
මගෙ වෙන්න කියා ඔබ කීවා ඒ දවසේ
මා නොලැබෙයි කියා සිතුවත් ඔබ ලඳුනේ
අද ඇයි ඔබ මා හැර දා යන්නේ
යනවා නම් ඔබ යන්න මාගේ මතකය රැගෙන
එනවා නම් ඔබ එන්න මාගේ මතකය රැගෙන...//
මගෙ ආදරේ සැමදා ඔබේ හදේ රැඳේවි
ඔබෙ ආදරේ මා රුධිරයේ රැඳී තියේවි
සංසාරයේ අපි හමු වෙලා වෙන් වෙන්නැති
මේ ආත්මෙ නම් මා ඔබ සොයා එන්නෙමි
මගෙ ආදරේ දවසක තේරේවි
එදින ඔබ මා සොයා ඒවී
අපෙ ජීවිතේ සතුට රැඳේවී
මේ ආදරේ ආත්මයෙන් විඳිමි
යනවා නම් ඔබ යන්න මාගේ මතකය රැගෙන
එනවා නම් ඔබ එන්න මාගේ මතකය රැගෙන...//