Lyrics
කිරුළ මුතු ලිහී සර සර හඬින්
වැගිරෙනා සුළු මැදුම් දෙතිත පැටලී
ගිගිරි වැළපෙනා නටනවා නොවේ
වැහැරුණු දෙපා වෙව්ලනා තන තන
තාන තම්දෙනා
දිළිසෙනා සේම කරළිය දිළෙන්නේ නැතී
වන්නමක් සේම සුමිහිරි තානමක් නැතී
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරී
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට ජීිවිනතන් බැරී
කිරුළ මුතු ලිහී..
රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇතී
නළල්පට මාල හත්පට සින්න වී ඇතී
සකියනි රිදී කාසි සොළවන්නට බෙර පදය මදී
සකියනි රිදී කාසි සොළවන්නට බෙර පදය මදී
කිරැළ මුතු ළිහී