කිරිවෙහෙරට යන පාරේkiriweherata yana paaree

Kiriweherata Yana Paare

Album
Sithin Witharak

Lyrics

(කිරිවෙහෙරට යන පාරේ
මල් විකුණන මගෙ සීදේවී 
සිදාදියෙන් එන දෙවිවරු 
මලක් වගේ හිත ඉල්ලාවී...//)

(නිල් මානෙල් මලකට වැඩි 
ඇස් දෙක ලස්සනයි කියාවී...//)
ලස්සන ඒ ඇසිපිය යට 
හීන තියා සුවඳ ගනිවී 
 
කිරිවෙහෙරට යන පාරේ....

(මල් වික්කට කාසි වලට 
නගරෙට හිත නොදෙන් දයාවී...//) 
මගෙ හිත කිරිවෙහෙර වගේ 
සත්තයි පිවිතුරුයි ප්‍රියාවී 

කිරිවෙහෙරට යන පාරේ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.