කිරි වෙහෙරේ මලුව වටේ මා අරගෙන යන්නkiri weheree maluwa watee maa aragena yanna

Kiri Wehere Maluwa

Lyrics

කිරි වෙහෙරේ මලුව වටේ මා අරගෙන යන්න
මල් පුදලා බුදු සමිදුන් හා දොඩමලු වන්න
තාත්තාට කණවැල වී සැමදා ළඟ ඉන්න
පුංචි දෝණි ලොකු ළමයෙකී ආසයි දැක ගන්න

නිරන්තරෙ මගේ හිත ළඟ පාලු මැකුව දෝණි 
මිණි පහනක් වගේ ආලෝකය දුන් දෝණි 
දුක මට සතුටකි නුඹ ගැන සිහිවනවිට දෝණි 
මේ පිං බලෙන් සසර කතර එතෙර වෙන්න දෝණි 

ලස්සනයිලු මගේ කෙල්ල හැමෝම ගුණ කියති
දැක ගන්නට එ ලස්සන මට පිං මදි වාලු
කහටක් නෑ හිත පතුලේ අසරණ වු විටදී
පව් නොකරමී මතු භාවයේදි දැකගන්නට දෝණි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.