කිරිවෙහෙරට මල් නෙළුවටkiriweherata mal neluwata

Kiri Weherata Mal Neluwata

Lyrics

(කිරිවෙහෙරට මල් නෙළුවට මගේ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි.....//)

ගිනි අව්වට පිච්චි පිච්චි දෑස දෙපා කකියන කොට
අහම්බෙන් වගේ පිපුණා සොඳුරු සිත් මලක් සිත යට
වහන් වෙලා ඇවිත් වඩින් නෙතින් කතා කරපු ඔබට
කොහොමද මං මිලක් දෙන්නේ මගෙන් ගත්තු මල් දහයට.....

කිරි වෙහෙරට......

නිකමටවත් කොයි රටේද අහගන්නත් බැරි වුණානේ
මල් දහයෙන් ඔය මතකය සෙමින් සෙමින් ලං වුණාවේ
අනේ මහත්තයෝ යළිත් ඇවිත් ගියොත් මේ පළාතේ
ඇත්තට එතකොට මගේ වෙයි මුළු හද මඬලම ඔයාගේ.....

කිරි වෙහෙරට......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.