කිරිවෙහෙරට ඉහළින් දග කරනkiriweherata ihalin dhaga karana

Kiri Weherata Ihalin

Lyrics

කිරිවෙහෙරට ඉහළින් දග කරන සදවතී
වැඩ සිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති 
මැනික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැති
අද මගේ වෙලා මා ලග නවතින්න සදවතී...//

තුරුපත් හිස් මුදුනින් සෙත් පතයි නැමි නැමී
සියපත් සිය දහසක් මල් පිපෙයි සුවදැතී
තිස්සෙම සිත දුර යයි ඇස් දෙකට නිදි නැති 
අද මගෙත් එක්ක මගේ ගෙදර යමුද සදවතී...//

කිරිවෙහෙරට.....

මල් පහන් පැලට අඩුවක් නැති කදුලු වැහි දිදී
සිත නිරන්තරව ඔය පස්මහ බැලුම් බැලුවැති
සතරවරිගයම නැතුවත් අපට අපි ඇති
අද මගේ වෙලා මගේ ගෙදර යමුද සදවතී...//

කිරිවෙහෙරට ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.