Lyrics
කිරි සිහින බිඳුනදෝ හද සිසිල දැවුණදෝ
ළමැද කිරි සිඳුනදෝ...
කිරි සිහින බිඳුනදෝ හද සිසිල දැවුණදෝ
ළමැද කිරි සිඳුනදෝ
(වෙන්වන්නට නම් බැඳුම් කුමටදෝ
රැඳෙන්න ළෙංගතුකම ඉඩ මදිදෝ
බිලිඳුගේ නෙතු රැඳි කඳුළු පිසින්නේ කවුරුදෝ...//)
සැක සුළඟ හැමුවදෝ කැදලි බිම වැටුණදෝ
තනි වුණේ පැටවුන්දෝ...
(සෙනෙහස නොරැඳුනු පියසක තනි වු
එකම ලෙයක් සෙනෙහසින් බැඳුනදෝ
මලක්ද ඇවිදින ඔයා බිළින්දෝ අපේ...//)
දෙව් ලොවින් ආවදෝ සතුට ගෙන වැඩියදෝ
මිණි පහන ඔබ නේදෝ...
සෙනෙහස නොරැඳුනු...