Lyrics
කිරි මධු වැල් - කිරි මධු වැල් කිරි අම්මේ
අපිත් කිරට අඬනා ළමයින් අම්මේ
අනුන් දීපු බත් බඩ නොපිරෙයි අම්මේ
ඈත ඉඳන් මට අඬගහපන් අම්මේ
මළේ මළේ නොබනින් අපෙ අම්මාට
උඹත් මාත් දුන් දේ නැත උන්දෑට
මොන දේ නැතත් දෙතනේ කිරි දුන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට
දරට ගොසින් අම්මා දැන් හුඟක් වෙලා
මල්ලි අඬයි රස කිරි ටික මතක් වෙලා
පැල පිට වැටෙන බිම් කළුවර වළක්වලා
අම්මා එන්න හඳපානේ හඳක් වෙලා