Lyrics
කිරි කෝඩු නෙතඟින් බලාලා මනමාල හැඟුමන් රැස් කළා
හිත රහසේ හිර කර සඟවලා පෙම් පැතුම් බොහෝ සේ ළං කළා
සෙනෙහසේ කල්පනා බෝ වෙලා මා දුටු දසුන් රහසේ බොඳ කළා
ආදරෙයි ඔබට මං මේ නෙතඟ පියෙනා තුරා
ජීවිතේ සොවින් දැන් ඔබ හීනෙන් දුරස් වූ නිසා
වසන්තේ නිමයිදෝ අදහාගන්න බෑ තාම නම්
හරි චංචලයි ඔය හිතේ ඔබේ කෝ මා හට මැවූ මල් සරා
කෝ මා හට මැවූ මල් සරා.....
වස්සානයේ රහසේ ළංවෙලා ඔබ මාගේ තුරුලේ පෙම් කළා
ගිම්හාන කාලයේ බල බලා සංකාව හෙලලා වෙන් වුණා
ආදරේ හෝඩියේ නැවතිලා පෙම් හීනයේ මාව තනිකළා
ආදරෙයි ඔබට මං මේ නෙතඟ පියෙනා තුරා
ජීවිතේ සොවින් දැන් ඔබ හීනෙන් දුරස් වූ නිසා
වසන්තේ නිමයිදෝ අදහාගන්න බෑ තාම නම්
හරි චංචලයි ඔය හිතේ ඔබේ කෝ මා හට මැවූ මල් සරා
කෝ මා හට මැවූ මල් සරා.....