කිමදෝ මහදේ බැඳුනේ...kimadhoo mahadhee baendunee...

Kimado Mahade Bandune

Music:
තරිඳු මිතිලtharindu mithila
Lyrics:
තරිඳු මිතිලtharindu mithila

Lyrics

කිමදෝ මහදේ බැඳුනේ...

සොඳුරුයි අප ඒ කී කතා - මතකයි අද වාගේ එදා...
සමගින් ඔබ මා පෙම් කරා - සිහිවෙයි මා හට සෑමදා...
ඔබගේ දැහැනින් මිදිලා - අදටත් මහදේ වෙළිළා...
තවමත් අන්දුරේ රැන්දිලා...

ඔබමයි හදට ලන් වූයේ - ඔබමයි මගෙන් වෙන් වූයේ...
කිමදෝ මහදේ බැඳුනේ...
පෙරදා ඔබට ලන් වීලා - ඔබ තුරුළේම මා උන්නා....
කිමදෝ මහදේ බැඳුනේ...

නගරේ මන් මාවත් පුරා - සෙව්වේ ඔබෙ රූමයි එදා...
ඔබෙ ආදරයෙන් මත් වෙලා - තිබුනේ මා හද සෑමදා...
ඔබගේ දැහැනින් මිදිලා - අදටත් මහදේ වෙළිළා...
තවමත් අඳුරේ රැන්දිලා...

ඔබමයි හදට ලන් වූයේ - ඔබමයි මගෙන් වෙන් වූයේ...
කිමදෝ මහදේ බැඳුනේ...
පෙරදා ඔබට ලන් වීලා - ඔබ තුරුළේම මා උන්නා....
කිමදෝ මහදේ බැඳුනේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.