කිමද සුමිහිරියේkimadha sumihiriyee

Kimada Sumihiriye

Music:
C T ප්‍රනාන්දුc t pranaandhu
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

(කිමද සුමිහිරියේ මේ අරුමේ 
මහද පිබිදෙන්නේ 
ඔබගෙ දෑසේ නැගෙන කැල්මේ 
රහස නැත දන්නේ...//)

සෙවණැල්ල වගේ ඔබ එන විලසේ 
මට දැනේ නිතර රහසේ 
මුදු තොල් පොපියා කිසිවක් නොකියා 
ඇයි යන්නෙ පැන විගසේ 
හැම උදේම තනියම මෙසේ 
හැම උදේම තනියම මෙසේ 
ප්‍රිය ළඳේ ඔබව හමුවේ 
කල්පනාව පෙම්බර හිනාව පින්බර 
මගේ හිතට සුව දේ.... 

කිමද සුමිහිරියේ.../

කෙහෙරැල්ල වැටී නළලට සිරසේ 
සිරි වැසේ බොළඳ මුහුණේ 
වන මල් පිපිලා බර වී නැමිලා 
ළං වෙන්න එයි මැණිකේ 
දුටුවාම හදවත ඔබේ 
දුටුවාම හදවත ඔබේ 
දුක නැසී සතුට ඇතිවේ 
ඔබ ගියේ බලන් හිඳ 
අගේ කරන්නද කියන්න සුරතලියේ.....

කිමද සුමිහිරියේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.