කෙටි පණිවිඩketi paniwida

Keti Paniwida

Music:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara
Lyrics:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara

Lyrics

කෙටි පණිවිඩ අඩු වෙන තැන 
මට දැනුනා මං තනිවෙන බව 
මම තෑගි දුන් දුරකතනෙට 
අමතන්න බෑ දැන් waiting ඔබ 

(හරි පාරෙන්දෝ මම මේ යන්නේ 
සැකයක් හිතුනා ලඟදි ඉඳන් 
මරලා නේදෝ ඔබ මේ යන්නේ 
පණ වාගේ පෙම් කරපු සිතත්...//)

මිතුරන් හැම තිස්සේ දොස් කිව්වා ඔයා ගැන 
හැමදා මම ගත්තේ ඔබගේ පැත්තයිනෙ පණ  
ඇයි මා විස්වාසේ උපරිමයෙන් කලේ ඔබ
(අද මා විඳවන්නේ ඒ හොඳ හිත හින්දා පණ...//)

හරි පාරෙන්දෝ....

හුරතල් මා කෙරුවා පමණට වැඩියෙන් නැද්ද
තේරුම් ගත්තේ නෑ මට ලෝකය කියූ ඇත්ත 
පොරවා ඔබ හිටියත් මේ ලෝකෙට සිල් රෙද්ද
(විතරයි මම දන්නේ ඔබ කළ ඒ පවු කන්ද...//)    

කෙටි පණිවිඩ අඩු වෙන තැන.... 
හරි පාරෙන්දෝ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.