කෙසේ රහස් පවසම්kesee rahas pawasam

Kese Rahas Pawasam

Lyrics

(කෙසේ රහස් පවසම්
කෙසේ තුරුලේ සැනසෙම්
කෙසේ අමතක කරම්
පවසම් හදින් මෙමා ජයමංගලම්...//)

ජීවන අඳුරු කුටියේ මිණි පහන ඔබ උනේ
මව්පියන් සමඟින් මා හැදු හැටි අගේ
දුක් වේදනා - මගෙ නිව්වා
මවකි මට නම් - මගෙ අක්කා

කෙසේ රහස් පවසම්....

සරසියකි මට නම් ඔබ අනතප් විලේ
සුරඟනකි මට නම් ඈ සිහින ලෝකේ
ඔබ දිවි මගේ මල් පිපියන්
මතු භවයෙදිත් අක්කා වෙයන්

කෙසේ රහස් පවසම්....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.