කෙසේ කියන්නදkesee kiyannadha

Kese Kiyannada

Music:
ප්‍රසන්න පෙරේරාprasanna pereeraa
Lyrics:
ගීතිකා දිසානායකgiithikaa dhisaanaayaka

Lyrics

කෙසේ කියන්නද මා නිවැරදි බව 
ඔබ නෑ වදනට කන් දෙන්නේ
මොනවා සිතුවත් මට දොස් නැගුවත් 
මගේ හිත නෑ ඔබ හඳුනන්නේ.......

මා සැක කර ඔබ ඉවත ගිහින් ඔබ
ආදරයට මගේ නිගා කළේ
මගේ හිත ඔබ හට වැටහෙන දිනකදී 
මා මේ ලොව තුල නැත ඉන්නේ.......

ආදරයට ඇති අපමණ බාධා 
බිඳ හැර ඔබටම පෙම පිදුවේ
සිතුවේ නෑ මා සැකය නිසා 
ඔබ අවිහිංසක මා රිදවූයේ......

කෙසේ කියන්නද.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.