කැමේලියා මල් සුවදටkaemeeliyaa mal suwadhata

Kemeliya Mal Suwadata

Lyrics

කැමේලියා මල් සුවඳට
සඳ කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා..

සකුණ ගීය සැඟවී යන විට
පලා පැහෙයේ කළු තවරා
සැඳෑ අඳුර ගේන පවන
වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින
සින්ඩරෙල්ලා..

කැමේලියා මල් සුවඳට..

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිදු සේල සළුවෙන්
වළාකුලින් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.