කෙල්ලනි නුඹලා (ගමන දුර නිසයි)kellani numbalaa (gamana dhura nisayi)

Kellani Nubala (Gamana Dura Nisai)

Lyrics

ගමන දුර නිසයි සිව්පද කියන්නේ 
වෙහෙස මග හැරී ඇඟ පත නිවන්නේ...
නොකියන් කවිය ඔය ගොරහැඬි හඬින්නේ 
මොකටද ගොනුන් කලබල කර හරින්නේ...

කෙල්ලනි නුඹලා දන්නේ නටන්නයි 
මා දන්නේ කීමට පමණි//
කවදාමුත් මම ගායකයෙකු වී 
නුඹලා හැම පරදනවාමයි...//

එහෙම වුණොත් නම් බොහොම අගෙයිනේ 
ගමන් වලට හරි ප්‍රයෝජනායි//

ඔය කටහඬ ඇසුණොත් කොටි වලසුන් 
පවා දුවයි හැම සත්තයි//
ඕ... හරි ගායකයා...
කියපන් කියපන් නුඹ හරි රුසියා//
ඕ රුසියා, නුඹ හරි රුසියා////  

ගේ දොර වතුපිටි අපටා නෑ කිසි 
ලෝකය අපගේ නිවසයි මේ 
අපගේ ආහර නැටුම් ගැයුම් රැඳී 
ප්‍රීතිය දෙන්ටයි අප මේ ඉන්නේ...

හිතන්ට කිසිවාක් අපහට නෑ 
ලොව නැති කරගන්ටා කිසිත් නැති 
අපි දෙන ප්‍රීතිය දහස් ගණන්හට 
කිසිදා කිසිවිට නැති නොම වේ...//

දුෂ්කර ලෝකේ කම්කරුවෝ අපි 
අප සතු වස්තුව සමගිය වේ//
එය සොරකම් කරගන්ට අපෙන් එම 
නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ...//

ඕ... අපි ගායකයෝ 
කියමු කියමු අපි හැම රුසියෝ//
ඕ රුසියෝ, අපි හැම රුසියෝ////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.