කෙලිලෝල බැල්මෙන්keliloola baelmen

Kelilola belmen

Lyrics

කෙලිලෝල බැල්මෙන් හිත හන්කිති කවනා 
පෙම් හීන යායේ මල් දේදුනු එලලා 
හෘදේ වර්ණ ගන්වා මගෙ ජීවිතේම කළබා 
ඔබ ඇයි මෙලෙසේ නොසිතූ විලසේ 
කෙලිලෝල බැල්මෙන් 

ඇස්පුරා දිස්වුනේ නොලියූ පෙම් ගීතේ 
හිත් පුරා ඉතිරුවේ නොවැයූ සංගීතේ 
ජීවිතේ දල්වා තබනා ආලෝකයක් සේ 
ආදරේ දෝතින් ගෙනෙනා ප්‍රාර්ථනා සේ 
සෙත් කවක් වී ඇවිත් සෙත් පතන්නී 
හිත ඉබේ ඔබ සොයා 
ඉගිලයේ හිත මගේ 

කෙලිලෝල බැල්මෙන්.../ 

සිත් පහන් වූ නිසා හෙලනා මදහාසෙන් 
සත්තකින් සැනසෙමී නොකියූ සංතෝසේ 
ජීවිතේ ගීයක් කරනා වීණාවක් සේ 
ආදරේ දෝතින් ගෙනෙනා ප්‍රාර්ථනා‍ සේ 
රත්තරන් ඇස් දෙකෙන් මා නිවන්නේ 
හිත ඉබේ ඉන් මිදී 
ඉගිල‍යේ  කොයි කොහේ 

කෙලිලෝල බැල්මෙන්.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.