කෙලෙසක කීවත් ඔබ ගැන මතකයkelesaka kiiwath oba gaena mathakaya

Kelesaka Keewath Oba Gana Mathakaya

Lyrics

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ

යාදිනියකසේ මා ලඟ දැවටී
සෙනෙහස පැතූ එදිනේ
ඔබ හට මෙලෙසේ අමතක මොහොත් 
මට අමතකව නැතේ
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ

කෙලෙසක කීවත් ....

අසන හැම මුවින් ලොවම මා වෙතින්
ඔබ විමසන දවසේ
බැඳි පෙම සඟවා ඉන්නද ඉවසා
මා ගොළු බිහිරෙකු සේ
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ

කෙලෙසක කීවත් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.